| තොරතුරු පත්‍රිකා අංක : 03 | කුඩා බිම්කඩක පවුලට අවශ්‍ය එළවළු වගාව |
වගා මාදිලි පවුලකට සතියට අවශ්‍යවන එළවළු තමන්ටම නිපදවාගැනීමට හැකිබව අවධාරණය කිරීමට, නිවසක සාමාන්‍ය තත්ත්ව යටතේ රැස්කළ දත්ත භාවිතා කරමින් සජීවි ආදර්ශයන් මෙම තොරතුරු පත්‍රිකා අංක: 03 න් ප්‍රකාශයට පත්කෙරේ. ජලය හිඟ, ඉඩකඩ අඩු ගොවි පවුල්වල සිට ධීවර පවුල් දක්වාද, ආදායම අඩු ග්‍රාමීය පවුල්වල සිට නාගරික පවුල් දක්වාද තමන්ට අවශ්‍ය ආහාර යම් පමණින් තමන්ම නිපදවා ගැනීමට හැකිවන අන්දමට වගා කිරීම පිළීබඳ තම සම්ප්‍රදායික ආකල්ප වෙනස් කර ගැනීම සඳහා මෙම තොරතුරු පත්‍රිකාව අත්වැලක් ලෙස භාවිතා කළ හැකිය. තම අවශ්‍යතාවය හා පහසුකම් අනුවත් ලබා තිබෙන අත්දැකීම් අනුවත් මෙම දත්ත ගලපා ගැනීම වැදගත්වේ. වාසි 1. නිවස (කුස්සිය ) අසළ වගාව පවත්වානෙන යාමට හැකිවීම. 2. ජලය සීමිතව යොදා ගැනීමට හැකිවීම. වතුර කළගෙඩි 5කින් පැල 50ක් නඩත්තුකිරීමට හැකිවීම 3. අලුතින්ම ව.අ. 128ක් කුඩා ඉඩ ප්‍රමාණයක් නිර්මාණය කරගැනී මෙන් නිවසට අවශ්‍ය එළවළු පැල 45ක් සිටවා ගැනීමට ප්‍රමාණවත් ඉඩකඩක් සපයා ගැනීමට හැකිවීම. ( පත්‍රිකාව අංක 6 බලන්න) 4. වගා මාදිලි සෑදීමට යම් ආරම්භක වියදමක් දැරීමට සිදුවුවද සතියක ආහාර සඳහා වියදමින් රු 400ක් හෝ 500ක් අතර ප්‍රමාණයක් අඩුවීම නිසා මාසිකව රු 2000ක් ආදායමක් ඉපැයීමට පහසුවෙන්ම හැකිවීම.
| සටහන වසර 5 ක කාලයක් එනම් 2004 ජනවාරි සිට 2008 අප්‍රියල් දක්වා විවිධ ස්ථානවල කළ කුඩා ඉඩක කාබනික වගාවන් සඳහා දෙොාගත් වගා මාදිලි පිළිබඳ තාක්ෂණික තොරතුරු වලින් මෙම පත්‍රිකාව සකස් කර ඇත. විවිධ ප්‍රදේශවලින්, පවුල් පසුබිම්වලින් ප්රජාවන්වලින් ලබාගත් දැනුම හා අත්දැකීම් සැලකිල්ලට ගෙන මෙය සකස් කර තිබෙන බව සලකන්න. |
වගා මාදිලි වගාවන් සඳහා ඉඩ කඩ අඩු අවස්ථාවලදී හා ජලය හිඟ අවස්ථාවලදී පවුලට අවශ්‍යවන ආහාර යම් ප්‍රමාණයක් වගා කරගැනීමට කෘතිමව ඉඩකඩක් සාදා ගැනීම හා පස් වල තත්ත්වය වගාවට සුදුස වන අන්දමින් ජලය හා පොහොර රඳන වගාමාධ්යක් බවට පත්කරගැනීමට විවිධ වගා මාදිලි පිළිබඳ විස්තර දක්වා ඇත. බඳුන්වල වගා කිරීම | වගා කුළුණ | අව්යද්රව්ය හා සාදාගන්නා අයුරු 1. පොලිතින් මැටි සිමෙන්ත වැනි ද්‍රව්‍යවලින් සෑදූ බඳුන් ගැනීම 2. ආදායම අඩු පවුල්වලට ප්‍රදේශයෙන් පහසුවෙන් සොයා ගතහැකි ද්‍රව්‍ය වන පරණ රෙදි පොල් අතු, ඉණි, වැල්, තල් අතු හා තල් පිති 3. මතුපිට පස් හා හොඳින් දිරාපත්වූ ගොම හා කොම්පෝස්ට් 1:1:1 අනුපාතයට යෙදීම. 4. බඳුනේ අඩියට වැලි ස්වල්පයක් ගෙඩාල් කැබළි යෙදීම. 5. ජලවහනය පහසුවීමට පුමාණවත් සිදුරු සෑදීම. 6. තක්කාලි බටු මාළුමිරිස් පලාවර්ග වැල් වර්ග සිටවා ගැනීම | අව්යද්රව්ය හා සාදාගන්නා අයුරු 1. අඩි 71/2 දිග හා අඩි 3ක් පළල පොලිතින් හා අඩි 71/2 දිග අඟල් 4 විශ්කම්භය පී වී සී බටයක් හෝ උණ බටයක් කුළුණ සෑදීමට යොදා ගැනීම 2. ආදායම අඩු පවුල්වලට ප්‍රදේශයෙන් පහසුවෙන් සොයා ගතහැකි ද්‍රව්‍ය වන පරණරෙදි පොල් අතු, ඉණි, වැල්, තල් අතු හා තල් පිති ආදිය පොහොර උර යොදා ගත හැක. 3. මතුපිට පස් හා හොඳින් දිරාපත්වූ ගොම හා කොම්පෝස්ට් 1:1:1 අනුපාතයට යෙදීම හා කොහු බත් හෝ දහයියා යොදා ගැනීම 4. කුළුණේ අඩියට වැලි තාච්චි 4 ක් ගෙඩාල් කැබළි තාච්චි 4ක් යෙදීම. 5. සිදුරැ කළ හා අඩිය සීල් කළ පී වී සී බටය රෑපයේ ආකාරයට අඩි 1 ½ ක් ගැඹුරට පොලිතින් එකට මැදින් යෙදීම 6. ජලවහනය පහසුවීමට පුමාණවත් සිදුරු සෑදීම. 7. තක්කාලි බටු මාළුමිරිස් පලාවර්ග වැල් වර්ග සිටවා ගැනීම | | |
| |
| ඇල්පා ළමා හා තරුණ පුහුණූ ආයතනය, අංක 805, වැන්සස්ලාවුස් පෙරේරා මාවත, වෙන්නප්පුව - 0312250593 |
|
1 comment:
යාළුවා, මම අදයි මේ බ්ලොග් එකට ගොඩ උනේ..
හරිම අපූරුයි..
ඒත් මේක මග ඇන හිටලනේ..
දිගටම ලියන්න... පුළුවන් උදව්වක් කරන්නම්...
Post a Comment