Sunday, October 12, 2008

තොරතුරු පත්‍රිකා අංක : 06

කුඩා බිම්කඩක පවුලට අවශ්‍ය එළවළු වගාව

සතියේ එළවළු මල්ල

පවුලකට සතියට අවශ්‍යවන එළවළු තමන්ටම නිපදවාගැනී‍‍මට හැකිබව අවධාරණය කිරීමට, ‍‍‍ නිවසක සාමාන්‍ය තත්ත්ව යට‍තේ රැස්කළ දත්ත භාවිතා කරමින් සජීවි ආදර්ශයන් ‍මෙම ‍ තොරතුරු පත්‍රිකා අංක: 06 න් ප්‍රකාශයට පත්කෙ‍රේ. ‍‍‍ ගොවි ‍‍‍ පවුල්වල සිට ධීවර පවුල් දක්වාද, ග්‍රාමීය පවුල්වල සිට නාගරික පවුල් දක්වාද තමන්ට අවශ්‍ය ආහාර යම් පමණින් තමන්ම නිපදවා ගැනීමට හැකිවන ‍අන්දමට තම සම්ප්‍රදායික ආකල්ප ‍‍වෙනස් කර ගැනීම සඳහා ‍මෙම ‍ තොරතුරු පත්‍රිකාව අත්වැලක් ‍‍ලෙස භාවිතා කළ හැකිය. තම අවශ්‍යතාවය හා පහසුකම් අනුවත් ලබා ති‍බෙන අත්දැකීම් අනුවත් ‍මෙම දත්ත ගලපා ගැනීම වැදගත්වේ. ‍

සටහන‍

වසර 5 ක කාලයක් එනම් 2004 ජනවාරි සිට 2008 අප්‍රියල් දක්වා නිවසක කළ කාබනික වගාවකින් ලබාගත් සාමාන්‍ය අසවැන්න පිළිබඳ දත්ත වලින් මෙම වගුව සකස් කර ඇත. විවිධ කාලගුණික තත්ත්ව, කෘමි හානි, පස්වල තත්ත්වය අඩුවීම හා සාමාන්‍ය වගා නඩත්තුව යන සාධක සැලකිල්ලට ගෙන මෙම දත්ත සකස් කර තිබෙන බව සලකන්න. මෙම වගාව රසායනික ‍පො‍‍හොර හා රසායනික කෘමි නාශක වලින් තොරව කාබනික වගාවක් ‍ලෙස සිදුකරන වගාවකි.

බෝග වර්ග : සාමාන්‍යයෙන් ලංක‍ා‍‍‍වේ විවිධ පළාත්වල ‍නොකඩවා වගා කළහැකි ඕනෑම පවුලකට දිනපතා අවශ්‍යවන එළවළු වර්ග 10 ක් හා පළාවර්ග 5ක් ඔසු වර්ග 3ක් හීන් මිරිස් හා නීරා ලීස් ඇතුළත් ‍‍ලැයිස්තුවක් මේ සඳහා ‍තෝරා‍‍ගෙන ඇත.

බෝග වර්ගය

පැල ගණන

අස්වැන්න

කි.ග්‍රෑ.

(සති 10ක්)

සතියකට

අස්වැන්න කි.ග්‍රෑ.

‍‍ ‍‍ වේලක් සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණය

පැල ප්‍රමාණය

වර්ථමාන මිල (රු)

(2008 මැයි මස 16 )

රු

ශත

1

පතෝල

2

12. 100

1. 210

600

1

50

00

2

වැට‍‍කොලු

4

14. 150

1. 415

750

2

75

00

3

වම්බටු

30

32. 800

3. 280

500

5

30

00

4

බණ්ඩක්කා

35

19. 900

1. 990

500

10

30

00

5

මාළුමිරිස්

20

5. 700

0. 570

250

10

25

00

6

කරවිල

4

8. 500

0. 850

400

2

35

00

7

රාබු

75

17. 500

1. 750

500

ව.අ. 12

20

00

8

ආලංගා

2

3. 600

0. 360

350

2

40

00

9

මෑ

10

10. 200

1. 020

500

5

30

00

10

තක්කාලි

2

2. 500

0. 250

250

2

30

00

11

නිවිති

7

11. 500

1. 150

500

3

30

00

12

කංකුන්

ව.අ. 24

10

0. 400

400

ව.අ. 2

15

00

13

මුගුණුවැන්න

ව.අ. 24

10

0. 400

400

ව.අ. 2

10

00

14

ගොටු‍කොළ

ව.අ. 24

5

0. 250

250

ව.අ. 2

30

00

15

කතුරුමුරුන්ගා

1

5

0. 400

400

1

15

00

16

හීන් මිරිස්

16

2. 500

0. 250

250

5

30

00

17

නීරා ලීස්

10

2. 500

0. 250

250

10

15

00

18

‍ඔසු වර්ග

3

2. 000

0. 250

250

10

10

00

එකතුව

68

520

00

වාසි 1. අළුත් එළවළු අවශ්‍ය ‍වෙලාවට ලබාගැනීමට හැකිවීම.

2. ‍ආරක්ෂිතබව - වස වි‍සෙන් ‍තොර ගුණාත්මක ආහාර වීම.

3. ව.අ. 128ක් ( සඳහා අඩි 8 පළල-අඩි 16ක් දිග) පර්චස් ½ ක් කුඩා ඉඩ ප්‍රමාණයක නිවසට අවශ්‍ය එළවළු

පැල 45ක් සිටවා ගැනීම ප්‍රමාණවත් වීම. ඒ අතරට පලා වර්ග හා ‍‍වෙනත් අවශ්‍ය ‍බෝග සිටවා ගැනීමට

හැකිවීම. ( කුඩා ඉඩකඩක වැඩි ප්‍රමාණයක් වගා කලහැකි වගා මාදිලි සඳහා පත්‍රිකාව අංක 3 බලන්න)

4. සතියක ආහාර සඳහා වියදමින් රු 400ක් හෝ 500ක් අතර ප්‍රමාණයක් අඩුවීම නිසා මාසිකව රු 2000ක්

ආදායමක් ඉපැයීමට පහසු‍‍වෙන්ම හැකිවීම. ‍‍‍ වැන්සස්ලාවුස් ‍පෙරේරා මාවත, ‍ වෙන්නප්පුව - 0312250593

ඇල්පා ළමා හා තරුණ පුහුණූ ආයතනය, ‍අංක 805, වැන්සස්ලාවුස් ‍පෙරේරා මාවත, ‍ වෙන්නප්පුව - 0312250593

No comments: